අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

07
නොවැ2025
පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම්බන්ධීකරණ...

දැක්ම

“වසර 2030 වන විට දුගී බවෙන් තොර, සවි බලගැන්වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට කටයුතු කරන පුරෝගාමී ආයතනය බවට පත්වීම”

 

මෙහෙවර

 

“ආන්තීකරණයට පත් ජනතාව (ආර්ථිකමය, සමාජයීය, දේශපාලනික, භෞතික, මානසික, නෛතික, හා පාරිසරික) සවිබලගැන්වීම හා ප්‍රාදේශීය විෂමතාවය අවම කිරීම සඳහා කාර්යක්ෂම, සඵලදායී, වේගවත් හා ඵලදායී විසඳුම් ජනහිතකාමී ලෙස ක්‍රියාවට නැංවීම සඳහා,
දෙපාර්තමේන්තු, ප්‍රජාමූල සංවිධාන හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ජාලය හා වෘත්තිකයන්, රජය, පෞද්ගලික, ජනතා සහ දේශපාලන අංශවල මනා දායකත්වය හා දේශීය හා ගෝලීය ආයතන වලද සහභාගීත්වයෙන්, දුගී බවෙන් තොර, සමෘද්ධිමත් දේශයක් ගොඩ නැංවීම තුළින් ආර්ථික සංවර්ධනයට දායක වීම.”

ඒ සදහා …….

සංවිධාන ගත වෙමින් ප්‍රජාමූල සංවිධන හරහා පුද්ගලයා, පවුල හරහා ප්‍රජාව කුඩා කණ්ඩායම තුලින් ගොනු කරගත් සවිමත් ප්‍රජාමූල සංවිධානයක් වෙත ජනතාව ගොනු ගත කිරීම තුලින් සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශය.

සමෘද්ධි ප්‍රතිලාභී සහ අඩු ආදායම්ලාභී ප්‍රජාව වෙත පහත සඳහන් සමෘද්ධි සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒක පුද්ගල ආදායම රු.6000.00 ක ට අඩු අඩු ආදායම්ලාභි පවුල් වෙත
සමෘද්ධි සහනාධාර පත් ලබාදිම.

සමාජ ආරක්ෂණ වැඩසටහන

සමාජ ආරක්ෂණය හරහා සමෘද්ධි ප්‍රතිලාභී පවුල් වල උපතේ සිට මිය යන මොහොත ද ඇතුළත්ව විවිධ අවස්තා වලදි ඇතිවන මුල්‍ය අවස්ථා සුරක්ෂිත කිරිම.
සමෘද්ධි ප්‍රතිලාභී දූ දරුවන්ගේ අධ්‍යාපන තත්වය නගා සිටුවීම සඳහා ශිෂ්‍යත්ව පිරිනමමින් උසස් අධ්‍යාපනයට අවශ්‍ය මුදල් සහන සැපයීම මගින් අධ්‍යාපන කටයුතු සුරක්ෂිත කිරිම.

ජිවනෝපාය සංවර්ධන වැඩසටහන

ජිවනෝපාය සංවර්ධනය සදහා යටිතල පහසුකම් ලබාදීම.
තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ කොට සමෘද්ධි බැංකු ජාලය හරහා ඉතුරුම් ප්‍රවර්ධනයට ප්‍රජාව යොමුකරමින් ණය පහසුකම් ලබාදෙමින් සවිබල ගැන්වු පුද්ගලයෙක් ගොඩනැගිම.

සමාජ සංවර්ධන වැඩසටහන

පවුල තුල සමාජය තුල ආකල්පමය වශයෙන් ඇදවැටෙන අවස්තාවලදි ධනාත්මක සිතුවිලි
ගොඩනැගිම තුලින් සවිමත් මිනිසෙකු ගොඩනැගිම.
ඉන්නට හිටින්නට හිසට සෙවනක් නොමැති පවුල් වෙත හිසට සෙවනක් ලබාදිම.
ළමා සමාජ ගොඩ නගමින් ළමා පරපුරේ සංස්කෘතික දක්ෂතා හදුනාගෙන ජාතික තලය වෙත දක්ෂයන් කැඳවාගෙන යාම තුලින් සවිමත් අනාගත පරපුරක් ගොඩ නැගිම.

සමෘද්ධි වැඩසටහනේ අවසාන ඉලක්කය.

ආර්ථික, සාමාජිය, සංස්කෘතික වශයෙන් සවිමත් වු මිනිසෙකු ගොඩනැගිම තුලින් සවිමත් ජාතික ආර්ථිකයක් වෙත සමෘද්ධි ප්‍රතිලාභියා පෙල ගැස්වීම තුලින් දිලිඳුකම අවම වූ සමෘද්ධිමත් දේශයක් ගොඩනැගිමයි.

Scroll To Top