කොට්ඨාශයේ කෘෂිකර්මාන්තය සම්බන්ධව සේවාවන්.
1.ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව පැවැත්වීම සදහා සහය වීම , වාර්තා සැකසීම හා කමිටුව සදහා අවශ්‍ය තොරතුරු රැස්කොට ප්‍රාදේශීය ලේකම් වෙත හා අනෙක් නිලධාරීන් ට ලබා දීම.
කමිටුව සෑම මසකම දෙවන සතියේ අඟහරුවාදා දින පැවැත්වේ.මෙම කමිටුව සඳහා ගොවීන්ට තම ගැටළු ලිඛිතව ඉදිරිපත් කල හැක.කමිටුව සඳහා සම්බන්ධවන ආයතන -: ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, රඹුක්පිටිය / පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව / අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව / ගොවිජන රක්ෂණ මණ්ඩලය / සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව / කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය / පළාත් සත්ව නිෂ්පාදන සෞඛ්‍යය දෙපාර්තමේන්තුව / ජලජීවී වගා සංවර්ධන අධිකාරිය / ඉඩම් පරිහරණ සැලසුම් දෙපාර්තමේන්තුව / පොල් සංවර්ධන මණ්ඩලය / සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව / කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය / ව්‍යවසාය සංවර්ධන අංශය / මධ්‍යම පරිසර අධිකාරිය / දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය
2. ප්‍රාදේශීය කෘෂි නිෂ්පාදන අලෙවිය සම්බන්ධ තොරතුරු රැස් කිරීමකොට්ඨාශයේ ගොවීන් වෙළෙඳපලට ඉදිරිපත් කරන ප්‍රමාණය , වෙළෙඳපලේ අතිරික්ත / ඌණ නිෂ්පාදන ප්‍රමාණයන් , එළවළු සහ සහල් මිල ගණන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය වෙත දෛනිකව හා සතියකට වරක් වාර්තා කිරීම.අලෙවියේදී ගොවීන්ට පවතින ගැටලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම හා ඊට විසදුම් ලබා දීම.
3. බීජ බෙදා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමමෙහිදී කුණ්ඩසාලේ බීජ හා රෝපණ ද්‍රව්‍ය අංශය සමග එක්ව ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය මෙම කොට්ඨාශයේ ගොවීන් වෙත ලබා දීම සදහා ජංගම පැළ අලෙවි වැඩසටහන් වසම් මට්ටමින් ක්‍රියාත්මක කිරීම.
4. ප්‍රාදේශීය මට්ටමේ කෘෂිකාර්මික සංවර්ධන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසු අස්වනු තාක්ෂණ ආයතනය ගන්නෝරුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම හා ගොවීන්ට අවශ්‍ය උපදෙස් ලබාදිම.උදා- බිම්මල් වගා පුහුණු වැඩසටහන්/වැනිලා වගා පුහුණු වැඩසටහන් /විසිතුරු මල් වගා පුහුණු වැඩසටහන්/අපනයන බෝග ආශ්රිත පුහුණු වැඩසටහන් /රයිස් ක්‍රීම්, සහල් පිටි ආශ්රිත නිෂ්පාදන පුහුණු වැඩසටහන් /කාබනික පොහොර පුහුණු වැඩසටහන් /කුළු බඩු ආශ්රිත පුහුණු වැඩසටහන්.ප්ලාස්ටික් එළවළු ඇසුරුම් සහන මිලට ලබා දීම.පොල් සංවර්ධන මණ්ඩලය සමග එක්ව සහන මිලට පොල් පැල බෙදා දීම.
5.කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන.පළතුරු ගම්මාන වැඩසටහන ( අක්කර 1/4).අතිරේක ආහාර බෝග නිෂ්පාදන වැඩසටහන්.තරුණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන් / වාණිජ ගොවිපල වැඩසටහන.පාරම්පරික වී ගොවීන් වෙත බෙදා දීමේ වැඩසටහන.වගා ආරක්ෂණ විදුලි වැට , වායු රයිපල් 50% රජයේ දායකත්වය යටතේ ගොවීන් වෙත බෙදා දීමේ වැඩසටහන.6. ආපදා තත්වයන්හිදී වගාවන්ට සිදුවන හානි සඳහා ගොවිජන රක්ෂණ මණ්ඩලය හා සම්බන්ධ වී ආධාර හා සහන ලබාදිම.
7. ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවට ඉදිරිපත් කර විසඳා ගැනීමට නොහැකිවූ ප්‍රාදේශීය මට්ටමේ පවතින කෘෂිකාර්මික ගැටලු හඳුනා ගෙන දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට ඉදිරිපත් කිරීම.
කෘෂිකර්මාන්තය පිළිබඳ යම්කිසි ගැටළුවක් වේ නම් අප ඔබට සහයවන්නට සුදානම්.
අශෝක කැප්පෙටියාව – 0713209014
ලක්මිණි ඒකනායක – 0710800920
සුජීවා කඩවත – 0717880258