සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම.
බලපත්‍රය ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම්
- නීරෝගී සතෙකු බව තහවුරු කිරීම.
- සතාගේ හිමිකාරීත්වය තහවුරු කරන සතෙකු/සතුන් වීම.
- ගවයෙකු නම් හංවඩු ගසා තිබීම.
- ග්‍රාම නිලධාරීගේ නිර්දේශය සහිත හිමිකරුගේ කැමැත්ත දන්වන ලිපිය.
- අවශ්‍ය ලියවිලි
අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය.
- ග්‍රාම නිලධාරී නිර්දේශය. පශු වෛද්‍ය වාර්තාව.
- සතාගේ හිමිකාරීත්වය තහවුරු කරන ලියවිලි.
- ප්‍රවාහනය කරන වාහනය පිළිබඳ වාර්තාව.
සුරාසැල් බලපත්‍ර නිකුත් කිරීම හා අළුත් කිරීම.
සුරාසැල් පවත්වාගෙන යාමට නීත්‍යානුකූල අවසර ලබා දීම සඳහා සුරාසැල් නව බලපත්‍ර නිකුත් කරනු ලබයි. සුරාසැල් නව බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම්.
- ඉල්ලුම්කරු නව බලපත්‍රය දැරීමට සුදුසු පුද්ගලයකු වීම. (ශ්‍රී ලංකා දේශීය ආදායම් හා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ අදාළ ගැසට් නිවේදනයට අනුව.)
- බලපත්‍රය නිකුත් කිරීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් විරෝධතාවයක් නොමැතිවීම. (මහජන පෙත්සම්.)
- ස්ථානය පිහිටීමට අදාළ කොන්දේසි වලට අනුකූල වීම. (අදාළ ගැසට් නිවේදනයට අනුව.)
- සුරාසැල් නව බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය ලියවිලි.
- ජාතික හැඳුනුම්පත සහ ඡායා පිටපතක්.
- ග්‍රාම නිලධාරි හරහා වත්කම් හා අදායම් සහතිකය සහ චරිත සහතිකය.
- සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ අනුමත ලිපිය.
දැව/දැව භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම.
දැව මිලදී ගනු ලබන අවස්ථාවක දැව වල අනන්‍යතාවය හා වටිනාකම පැහැදිලි වන අයුරින් විස්තර ඇතුලත්ව නියමිත වටිනාකමින් යුත් මුද්දරයක් මත අත්සන් කරන ලද කුවිතාන්සි ඉදිරිපත් කල යුතු අතර එය ග්‍රාම නිලධාරි හෝ නොතාරිස්වරයකු විසින් නිවැරදි බවට සහතික කර තිබිය යුතුය. කැළෑ ඉඩම් හෙක්ටයාර එකකට (අක්කර 2.5) වැඩි ප්‍රමාණයක ගස් කපා වෙනත් භාවිතයන් (වන වගා නොවන) සඳහා යොදාගන්නා අවස්ථාවකදී හෝ හෙක්ටයාර 05 කට (අක්කර 12.5) වැඩි ඉඩමක ගස් හෙලීම් සිදු කරන විට පාරිසරික බලපෑම් ඇගයීම් පිළිබඳ අවධානය යොමුකොට පිලිගත හැකි වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.
දැව හෝ දැව භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවශ්‍ය ලියවිලි
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය.
- දැව හෙලන ඉඩමේ අයිතිය සනාථ කරන ලියවිලි.(ග්‍රාම නිලධාරි සහතික කරන ලද ඔප්පු පිටපත හා පිඹුරු පිටපත/පත්ඉරු) ඉල්ලීම් ලිපිය.
- දැව මිලදී ගැනීමක් නම් ග්‍රාම නිලධාරි සහතික කරන ලද කුවිතාන්සිය.
- දැව ලැයිස්තු තුනක්. ග්‍රාම නිලධාරි නිර්දේශය.
වැලි,පස්,බොරලු කැණීම් හා ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම.
වාණිජමය නොවන කාර්යයන් සඳහා
වැලි,පස්,බොරලු කැණීම් හා ප්‍රවාහනයට බලපත්‍ර නිකුත් කිරීම.
| වැලි බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය ලියවිලි |
|---|
|
| ගාස්තු අයකිරීම :- වැලි කියුබ් එකක් සඳහා රු.451.80 |
| පස් හා බොරලු බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය ලියවිලි |
|
| ගාස්තු අයකිරීම :- වැලි කියුබ් එකක් සඳහා රු.127.80 |
කොස්/රටදෙල්/වල්දෙල්/ගැහැණු තල් ගස් කපා බිමහෙලීමේ බලපත්‍ර නිකුත් කිරීම.
බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළයුතු ලියවිලි.
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය.
- ඉඩමේ අයිතිය සනාථ කරන ලද ලියවිලි. (ග්‍රාම නිලධාරි සහතික කරන ලද ඔප්පු පිටපත හා පිඹුරු පිටපත / පත්ඉරු) ඉල්ලීම් ලිපිය.
- ග්‍රාම නිලධාරි නිර්දේශය.
දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම.
විශ්‍රාමික මහත්ම / මහත්මීන් වෙත දුම්රිය බලපත්‍ර නිකුත් කිරිම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් සිදුවේ.
ඔබ ප්‍රථම වරට දුම්රිය බලපත්‍රයක් ලබාගන්නේ නම්; PD 7 ආකෘති පත්‍රයක් ප්රාදේීය ලේකම් කාර්යාලයෙන් ලබාගන්න. එය සම්පුර්ණ කර තමා පදිංචි වසමේ ග්‍රාම නිලධාරිගේ නිර්දේශය සහිතව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් අංශය වෙත භාරදිමෙන් පසු ලියා පදිංචි කිරීම සිදු කර ගන්න.
ඔබ දැනටමත් දුම්රිය බලපත්‍රයක් ලබාගැනීම සඳහා ලියාපදිංචි වූ අයෙකු නම්; විශ්‍රාම වැටුප් ලාභියා කාර්යාලයේ විශ්‍රාම වැටුප් අංශය වෙත පැමිණ එහි ඇති ලේඛනයේ තොරතුරු ඇතුලත් කිරිමෙන් පසු දුම්රිය බලපත්‍රය ලබාගත හැක.
සියළුම විශ්‍රාමික මහත්ම මහත්මීන් හට වර්ෂයකට දුම්රිය බලපත්‍ර කට්ටල තුනක් හිමිවේ. (යාමට සහ ඒමට වාර හයක්)
ගිනි අවි බලපත්‍ර නිර්දේශ කිරීම.
වගා හානි වැලැක්වීම සඳහා ගිණි අවි භාවිතා කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමේ අරමුණින් ගිණි අවි බලපත්‍ර නිකුත් කරයි.
ගිණි අවි බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම්.
- අයදුම්කරු සතුව අක්කර 05 කට වැඩි වගා කරන ලද ඉඩමක් තිබීම.
- වගාවට වන සතුන්ගෙන් හානි ඇති වීම. අයදුම්කරුගේ වයස අවුරුදු 65 ට වඩා අඩු වීම.
- ගිණි අවියක් භාවිතා කිරීම සඳහා ශාරීරික ආබාධ රහිත පුද්ගලයෙකු වීම.
ගිණි අවි බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය ලියවිලි.
- ජාතික හැඳුනුම්පත සහ ඡායා පිටපතක්.
- අදාල ඉඩමේ/ඉඩම් වල ඔප්පු.
- ග්‍රාම නිලධාරි වාර්තාව. (පුද්ගලයා/ඉඩම්/වගා පිළිබඳ) ගිණි අවි බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා නිර්දේශ ඉල්ලා දිස්ත්‍රික් ලේකම් විසින් එවනු ලබන ඉල්ලීම් ලිපිය හා අදාළ අයදුම්පත.
- අදාළ පරිදි ඉඩම් හා භෝග පිළිබඳ පහත සඳහන් වාර්තා; කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්තාව. (තේ වගාවන්ට වන හානි පිළිබඳ වාර්තා) රබර් පාලන දෙපාර්තමේන්තුවේ වාර්තාව.
- (රබර් වගාවන්ට වන හානි පිළිබඳ වාර්තා) ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් ලබා ගත් වාර්තාව. (කෘෂිකාර්මික වගාවන්ට වන හානිය පිළිබඳ වාර්තාව) පොල් වගා කිරීමේ මණ්ඩලයේ වාර්තාව. (පොල් වගාව සඳහා වන හානි පිළිබඳ වාර්තාව)
පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිර්දේශ ලබා දීම.
බලපත්‍රය ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම්
- පුපුරණ ද්‍රව්‍ය භාවිත කරන කර්මාන්තකරුවෙක් වීම.
- තාක්ෂණික හැකියාව තිබීම.
- පුපුරණ ද්‍රව්‍ය අවශ්‍යතාවය තහවුරු කිරීම.
අවශ්‍ය ලියවිලි
- ඉල්ලීම් ලිපියක් සමඟ පුපුරණ ද්‍රව්‍ය පාලක නිකුත් කරන අයදුම්පත.
- ග්‍රාම නිලධාරී වාර්තාව. පරිසර වාර්තාව / පරිසර ආරක්ෂණ බලපත්‍රය.
- පොලිස් වාර්තාව.
- ඉඩම් පරිහරණ වාර්තාව. අදාළ පරිදි ජනපද නිලධාරී වාර්තාව.
- කැනීම් කර්මාන්තයක් නම් වලංගු කැනීම් බලපත්‍රය.














