ග්‍රාම සංවර්ධන සමිති ලියාපදිංචි සහතික නිකුත් කිරීම
| ග්‍රාම සංවර්ධන සමිති පිහිටුවීමේ පරමාර්ථය |
සමිති බල ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවයන් හා ගැටථ හඳුනාගෙන ඔවුන් සතු ශක්තිය සහ බාහිර සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් සහභාගීත්ව ප්‍රවේශය මත සංවර්ධන කටයුතු කිරීම තුළින් ගමේ සමාජ , ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම.
|
| සමිතිය සතු බලතල (ග්‍රාම සංවර්ධන නිලධාරීන්ගේ නිර්දේශ මත , ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතියට යටත්ව ක්‍රියා කළ යුතුය.) |
ගමේ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණ හා සාමාජිකයින්ගේ සංවර්ධන අවශ්‍යතාවයන් සහ වෙනත් පොදු සංවර්ධන සේවාවන් සපුරාලීමට අරමුදල් ගොඩනැගීම යන උපාය මාර්ගය ඉටුකර ගැනීම සඳහා මෙම බලතල ක්‍රියාත්මක කළ යුතුය.
|
| ග්‍රාම සංවර්ධන සමිති සංයුතිය | විධායක සභාව (සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත වේ)
සාමාජිකයින් බඳවා ගැනීමට , අවස්ථානුකූලව ව්‍යවස්ථා ප්‍රකාරව කටයුතු කිරීමට , පරීක්ෂන මණ්ඩල අනු කමිටු ආදිය අවශ්‍යතාවයන් මත පත් කිරීම හා ඒවාට බලතල , වගකීම් පැවරීම සමිතිය සතු වගකීම් වන්නේය. |
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම , සංශෝධනය හා අවලංගු කිරීම.
තනි පුද්ගල ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම , සංශෝධනය කිරීම හා අවලංගු කිරීම සඳහා පහත ලියවිලි ඔබ විසින් ඉදිරිපත් කළ යුතුය.
| ලියාපදිංචි කිරීම | සංශෝධනය කිරීම | අවලංගු කිරීම |
| රු.5 ක මුද්දරයක් අලවා නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය | ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත(සහතිකය අස්ථානගත වී ඇත්නම් පොලිස් වාර්ථාව) | ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත(සහතිකය අස්ථානගත වී ඇත්නම් පොලිස් වාර්ථාව) |
| ග්‍රාම නිලධාරි වාර්ථාව | සම්පූර්ණ කරන ලද ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ 6 ආකෘති පත්‍රය | සම්පූර්ණ කරන ලද ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ 8 ආකෘති පත්‍ර |
| වෙළෙඳ බලපත්‍රය | ව්‍යාපාරිකයාගේ/න්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි | ව්‍යාපාරිකයාගේ/න්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි |
| ව්‍යාපාර ස්ථානයේ අයිතිය සනාථ කිරීමට ඔප්පු පිටපත/බදු හෝ කුලී ගිවිසුම | ග්‍රාම නිලධාරි නිර්දේශය | ග්‍රාම නිලධාරි නිර්දේශය |
| ව්‍යාපාර ස්ථානයේ අයිතිය වෙනත් අයකු සතු නම් අයිතිකරු විසින් ග්‍රාම නිලධාරි ඉදිරිපිට අත්සන් කරන ලද කැමැත්ත ප්‍රකාශිත ලිපිය | අදාළ වර්ෂයට නගර සභාවෙන්/ප්‍රාදේශීය සභාවෙන් ලබා ගත් වෙළෙඳ බලපත්‍රය | අදාළ වර්ෂයට නගර සභාවෙන්/ප්‍රාදේශීය සභාවෙන් ලබා ගත් වෙළෙඳ බලපත්‍රය |
| ව්‍යාපාරයේ අයිතිකරු ලෙස සඳහන් කරන අයගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් | ව්‍යාපාරයේ ස්වභාවය සංශෝධනය කරන්නේ නම් ඒ පිළිබඳ විස්තර | ආසන්න කාර්තු 03 ක වරිපනම් බදු ගෙවූ රිසිට්පත් වල ඡායා පිටපත් |
| ඉල්ලීම් ලිපිය | ව්‍යාපාර ස්ථානය සංශෝධනය කරන්නේ නම් නව ස්ථානයට අදාළ ඔප්පුවේ පිටපත | ව්‍යාපාරයට අදාළ පුද්ගලයකුගේ මියයාමක් සිදු වී ඇත්නම් අදාළ මරණ සහතිකයේ ඡායා පිටපත |
| (සියළුම පිටපත් සත්‍ය පිටපත් කර ඉදිරිපත් කළ යුතුය) | හවුල් ව්‍යාපාරයක් බවට පත්කරන්නේ නම් හවුල ව්‍යාපාර ගිවිසුම | |
| ආසන්න කාර්තු 03 ක වරිපනම් බදු ගෙවූ රිසිට්පත් වල ඡායා පිටපත් | ||
| පුද්ගලයකුගේ මියයාමක් නම් අදාළ මරණ සහතිකයේ ඡායා පිටපත හා සංශෝධනයට උරුමකරුවන්ගේ කැමැත්ත |
ස්වේච්ඡා හා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම.
|
ස්වේච්ඡා හා සමාජ සේවා සංවිධාන රජයේ ලියාපදිංචි කිරීම හා අධීක්ෂණයට ලක්කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සිදුකෙරේ.
|
|
| අයදුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් | 1998 අංක 08 දරණ පනතින් සංශෝධනය වූ 1980 අංක 31 දරණ ස්වේච්ඡා හා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචිය හා අධීක්ෂණය කිරීම) පනතේ සඳහන් කොන්දේසි සපුරා තිබීම. |
| අයදුම් කිරීම සඳහා අවශ්‍ය ලියවිලි |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|














