දීමනාපත්‍ර සම්බන්ධ කටයුතු.
දීමනාපත්‍රයක ජීවිත භුක්තිය සමබන්ධයෙන් අනුමැතිය ලබාදීම.
| දීමනාපත්‍ර ඉඩමක ජීවිත භුක්තිය ලබාගැනීමට අදාළ ආකෘතිපත්‍ර සම්පූර්ණ කර ගැනීම සහ ඒ සදහා අවශ්‍ය උපදෙස් ලබාගැනීම වසමේ ග්‍රාම නිලධාරී මඟින් සිදුකර ගත හැක. |
| පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය. |
|---|
|
|
|
|
|
|
|
|
|
|
|
දීමනාපත්‍රයක / බලපත්‍රයක පසු උරුමය නම්කිරීම සඳහා අනුමැතිය ලබාදීම.
| පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය. |
|---|
|
|
|
|
|
|
|
|
|
| සැ.යු. :ඡායා පිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සත්‍ය පිටපත් ලෙස සහතික කර ඉදිරිපත් කළ යුතුය. |
ඉඩම් පැවරීම (දීමනාපත්‍ර බැහැර කිරීම) සඳහා අවසර ලබාදීම.
ආකෘති පත්‍ර හා උපදෙස් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය මගින් ලබා ගත හැක. පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
දීමනාපත්‍රයක මුල් උරුමය සහතික කිරීම.
| පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය. |
|---|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
| සැ.යු: මරණ සහතික/උප්පැන්න සහතික නොමැති අවස්ථාවල ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන සමඟ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න. |
දීමනාපත්‍ර උකස් කිරීම.
{බෞද්ධ විහාරස්ථාන සඳහා නිදහස් දීමනා පත්‍ර ලබාදීම.|closed}
- බෞද්ධ විහාරස්ථානයක් ලෙස වැඩි දියුණු කර ඇති සහ විහාරාධීපතිවරයෙකු පත් කර ඇති රජයේ ඉඩම් වල පිහිටි විහාරස්ථානවල අයිතිය තහවුරු කිරිම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය වෙත පහත ලේඛන ඉදිරිපත් කළ යුතු වේ.
- විහාරාධිපතිගේ ඉල්ලිම් ලිපිය
- විහාරාධිපති හිමියන් පත්කල බවට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කරනු ලබන සහතිකයේ පිටපතක්
- විහාරස්ථානය ලියාපදිංචි කිරිමේ සහතිකය
අනවසර ඉඩම් නියමානුකූල කිරීම.
රජයේ ඉඩමක් අනවසරයෙන් එළි පෙහෙළි කිරීම හෝ අනවසරයෙන් ඉඳිකිරීමක් සිදු කිීරීම සම්බන්ධව ග්‍රාම නිළධාරි මගින් ආ.ඒ 60 ආකෘතිය හරහා සති දෙකකට වරක් තොරතුරු ලබා ගනී.අනවසර ඉඩම් අල්ලා ගැනීමක් වාර්තා වුවහොත් එය ඉවත් කිීරීමට ලිඛිතව අදාළ පුද්ගලයා දැනුවත් කරනු ලැබේ. එසේ ඉවත් නොකළ බවට වාර්තා වුවහොත් අදාළ නිතීමය කටයුුතු සිදු කරනු ලැබේ.{ඉඩම් ආරවුල් නිරවුල් කිරීම.|closed}{ඉඩම් මැනුම් කටයුතු.|closed}{ඉඩම් අත්පත් කටයුතු.|closed}මහජන සුභසාධනය අරමුණු කරගනිමින් රජය විසින් සිදුකරන සංවර්ධන ක්රියාදාමයන්දී රජය සතු ඉඩම් ප්‍රමාණය ඒ සඳහා ප්‍රමාණවත් නොවන හෝ සුදුසු නොවන අවස්ථා උද්ගතවේ. එවන් අවස්ථාවලදී රජයේ ඉඩම්වලට අමතරව පෞද්ගලික ඉඩම්ද ඒ සඳහා යොදාගැනීමට සිදුවේ.- රජයේ පොදු අරමුණ සඳහා නිසි පරිදි වන්දි ගෙවිමේ ක්‍රියාවලියක් අනුගමනය කරමින් පෞද්ගලික ඉඩම් අත්පත් කරගැනීම සිදුකරනු ලබයි. එය දිගු ක්‍රියාවලියක් වන අතර ශ්‍රී ලංකාව තුළ ඉඩම් අත්කර ගැනීමේදී අනුගමනය කළයුතු ක්‍රියාපටිපාටිය 1950 ඉඩම් අත්කර ගැනීමේ පනත මඟින් විග්රහ කොට ඇත.
- එමඟින් සුදුසු ඉඩම් හඳුනා ගැනීම, තක්සේරු කිරීම, හිමිකම්/අයිතිවාසිකම් විභාග කිරීම, ආරවුල් සමථයට පත්කිරීම, ඉඩම් අත්කර ගැනීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආයතනවලට ඉඩම් පැවරීම වැනි කටයුතුවලට අදාළ නීතිමය ප්‍රතිපාදන සලසා ඇත.
ඉඩම් අත්කර ගැනීමේ යෝජනා කට්ටලයේ ආකෘති පත්‍ර
- අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සඳහා B-1 ආකෘති පත්‍රය
- සංස්ථා/මණ්ඩල/ අධිකාරී ආදී ව්‍යවස්ථාපිත ආයතන සඳහා B2 ආකෘති පත්‍රය
- පළාත් පාලන අයතන සඳහා B3 ආකෘති පත්‍රය
- අත්කර ගැනීමට යෝජීත ඉඩම පිළිබඳ විස්තර ප්‍රකාශය B4 ආකෘති පත්‍රය
ඉඩම් පරිහරණ සැලසුම් කටයුතු.
{ඉඩම් සඳහා බදු අයකිරීම.|closed}රජයේ ඉඩම් ආඥාපනත හා ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ රජයට ලැබිය යුතු බදු ගාස්තු නියම කර එම බදු ගාස්තුව ප්‍රශස්ථ ලෙස රැස්කිරීම හා ගිණුම්ගත කිරීම ප්‍රධාන අරමුණ වේ.මෙහිදී පාලන ගිණුම හා හිග පාලන ගිණුම ලෙස ප්‍රධාන ලේඛන යටතේ ගිණුම පිළියෙල කරනු ලබයි.ප්‍රධාන වශයෙන් රජයේ ඉඩම් බදු ගාස්තු අයකිරීමේදි පහත පරිදි බදු වර්ග කල දැක්විය හැකිය.- වාර්ෂික බදු
- දීර්ඝකාලීන බදු
- ඵලදා බදු
- ප්රාරාම්භ බදු
- ජල හැරවුම් බදු
ඉඩම් කච්චේරි මගින් වාර්ෂිකව බදු අයකිරීමට සුදසු පුද්ගලයන් තෝරා තක්සේරුවෙන් නියම කරනු ලබන බදු වර්ෂයක් පාසා අයකිරීම වාර්ෂික බදු ලෙස හදුන්වාදිය හැකිය.දීර්ඝකාලීන බදු ලෙස තෝරාගන්නා පුද්ගලයන්ගෙන් තක්සේරු දෙපාර්තමේන්තුව විසින් නියම කරනු තක්සේරුව මත බදු ගාස්තුව අයකරනු ලබයි.එහිදි කෘෂිකාර්මික හා නේවාසික ලෙස වර්ග කර ඇති බදුකරුවන්ගෙන් නියමිත බදු ගාස්තු අය කෙරේ.ඵලදා බදු ලෙස රජයේ ඉඩමක ඇති රජයේ ආයතන වල ඵලදාව වෙන්දේසි කර අයකරනු ලබයි.සමාගමක් විසින් පවත්වාගෙන යනු ලබන ජල ව්‍යාපෘතියක් සඳහා ජල හැරවුම් බදු ගාස්තුව නිෂ්පාදිත ධාරිතාවය මත බදු මුදල් ගණනය කර අය කරනු ලබයි.බදු අයකිරීම් ක්‍රියාවලියේ ගැලීම් සටහන
-
- බදුකරුවන් ලියාපදිංචි කර ලේඛන සැකසීම
- බදු ගෙවන්නන්ගේ ලැයිස්තු වෙන වෙනම සකස් කිරීම
- බදු ප්රතිශෝධන ඇත්නම් ඒවා පිළියෙල කර බදු ගාස්තුව පිළිබද බදුකරුවන්ට දැනුම් දීම
- ඉඩම් බදු ආදායම් රැස්කිරීම හා ගිණුම්ගත කිරීම
- මාසික ප්‍රගති වාර්තා සැකසීම
- මාසික ප්‍රගති වාර්තාව පළාත් ඉඩම් කොමසාරිස්වෙත යොමු කිරීම
- වාර්ෂික බදු ඇස්තමේන්තුව සකස් කිරීම හා සංශෝධිත ඇස්තමේන්තුව පළාත් ඉඩම් කොමසාරිස් වෙත ඉදිරිපත් කිරීම.
වාර්ෂික අවසරපත්‍රයක නම් සංශෝධනය සඳහා අවශ්‍ය ලියවිලි
- ඉල්ලීමේ ලිපිය
- උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- වාර්ෂික අවසරපත්‍ර හිමිකරු මියගොස්නම් ඔහුගේ මරණ සහතිකයේ මුල් පිටපත
- ජාතික හැදුනුම්පතේ පිටපත
- ග්‍රාම නිළධාරි වාර්තාව
- වාර්ෂික අවසරපත්‍ර මුල් පිටපත
- දිව්රුම් ප්‍රකාශය
{රජයේ ඉඩමක් නේවාසික/ කෘෂිකාර්මික කටයුතු සදහා දිර්ඝකාලීන බදු පදනම මත ලබාදීම.|closed}රජයේ ඉඩමක පදිංචි වැඩි ආදායම්ලාභි පුද්ගලයන් වෙත උපරිමය පර්. 60 කට යටත්ව අදාළ ඉඩම් කොටස දිර්ඝකාලීන බදු පදනම මත ලබාදිය හැකිය.ඒ සදහා ඉඩම් කච්චේරියකදි තෝරාගත් අයදුම්කරු විසින් ඉල්ලිමේ ලිපිය හා 17 පරිශිෂ්ඨයේ පරිදි දිවුරුම් ප්‍රකාශයක් නිසි පරිදි බදු ගෙවන බවට ආකෘතියට අනුව ලබාදිය යුතුය.ග්‍රාම නිළධාරි මගින් 19 පරිශිෂෟටය හා තත්ව වාර්තාවද ඉඩමේ දළ අනුරේඛනයද, අදාළ පළාත් පාලන ආයතනයෙන් හා අනෙකුත් අදාළ ආයතනවල එකගතාවයන් ලබාගෙන ඉඩම් නිළධාරි හා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය සහිතව සියලුම ලියවිලි පළාත් ඉඩම් කොමසාරිස් වෙත යොමු ක යුතුවේ.{දෙපාර්තමේන්තු හා රජයේ ආයතන වෙත ඉඩම් නිදහස් කර ගැනිමට කටයුතු සැලසීම.|closed}රජයේ ඉඩම් වල පවත්වාගෙන යනු ලබන දෙපාර්තමේන්තු වෙත එම ඉඩම්වල කළමනාකරණ අයිතිය ලබාදිම සදහා,
- දෙපාර්තමේන්තු ප්‍රධානියා මගින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලිම් ලිපියක්
- ඉඩම වෙනත් ආයතනයකට අයත් නම් එම ආයතනයේ එකගතාවය (උදා- වනජීවී/පුරාවිද්‍යා,…. ආදි)
කොට්ඨාශයේ කෘෂිකර්මාන්තය සම්බන්ධව සේවාවන්.
1.ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව පැවැත්වීම සදහා සහය වීම , වාර්තා සැකසීම හා කමිටුව සදහා අවශ්‍ය තොරතුරු රැස්කොට ප්‍රාදේශීය ලේකම් වෙත හා අනෙක් නිලධාරීන් ට ලබා දීම.
කමිටුව සෑම මසකම දෙවන සතියේ අඟහරුවාදා දින පැවැත්වේ.මෙම කමිටුව සඳහා ගොවීන්ට තම ගැටළු ලිඛිතව ඉදිරිපත් කල හැක.කමිටුව සඳහා සම්බන්ධවන ආයතන -: ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, රඹුක්පිටිය / පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව / අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව / ගොවිජන රක්ෂණ මණ්ඩලය / සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව / කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය / පළාත් සත්ව නිෂ්පාදන සෞඛ්‍යය දෙපාර්තමේන්තුව / ජලජීවී වගා සංවර්ධන අධිකාරිය / ඉඩම් පරිහරණ සැලසුම් දෙපාර්තමේන්තුව / පොල් සංවර්ධන මණ්ඩලය / සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව / කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය / ව්‍යවසාය සංවර්ධන අංශය / මධ්‍යම පරිසර අධිකාරිය / දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය
2. ප්‍රාදේශීය කෘෂි නිෂ්පාදන අලෙවිය සම්බන්ධ තොරතුරු රැස් කිරීමකොට්ඨාශයේ ගොවීන් වෙළෙඳපලට ඉදිරිපත් කරන ප්‍රමාණය , වෙළෙඳපලේ අතිරික්ත / ඌණ නිෂ්පාදන ප්‍රමාණයන් , එළවළු සහ සහල් මිල ගණන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය වෙත දෛනිකව හා සතියකට වරක් වාර්තා කිරීම.අලෙවියේදී ගොවීන්ට පවතින ගැටලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම හා ඊට විසදුම් ලබා දීම.
3. බීජ බෙදා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමමෙහිදී කුණ්ඩසාලේ බීජ හා රෝපණ ද්‍රව්‍ය අංශය සමග එක්ව ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය මෙම කොට්ඨාශයේ ගොවීන් වෙත ලබා දීම සදහා ජංගම පැළ අලෙවි වැඩසටහන් වසම් මට්ටමින් ක්‍රියාත්මක කිරීම.
4. ප්‍රාදේශීය මට්ටමේ කෘෂිකාර්මික සංවර්ධන පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පසු අස්වනු තාක්ෂණ ආයතනය ගන්නෝරුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම හා ගොවීන්ට අවශ්‍ය උපදෙස් ලබාදිම.උදා- බිම්මල් වගා පුහුණු වැඩසටහන්/වැනිලා වගා පුහුණු වැඩසටහන් /විසිතුරු මල් වගා පුහුණු වැඩසටහන්/අපනයන බෝග ආශ්රිත පුහුණු වැඩසටහන් /රයිස් ක්‍රීම්, සහල් පිටි ආශ්රිත නිෂ්පාදන පුහුණු වැඩසටහන් /කාබනික පොහොර පුහුණු වැඩසටහන් /කුළු බඩු ආශ්රිත පුහුණු වැඩසටහන්.ප්ලාස්ටික් එළවළු ඇසුරුම් සහන මිලට ලබා දීම.පොල් සංවර්ධන මණ්ඩලය සමග එක්ව සහන මිලට පොල් පැල බෙදා දීම.
5.කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන.පළතුරු ගම්මාන වැඩසටහන ( අක්කර 1/4).අතිරේක ආහාර බෝග නිෂ්පාදන වැඩසටහන්.තරුණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන් / වාණිජ ගොවිපල වැඩසටහන.පාරම්පරික වී ගොවීන් වෙත බෙදා දීමේ වැඩසටහන.වගා ආරක්ෂණ විදුලි වැට , වායු රයිපල් 50% රජයේ දායකත්වය යටතේ ගොවීන් වෙත බෙදා දීමේ වැඩසටහන.6. ආපදා තත්වයන්හිදී වගාවන්ට සිදුවන හානි සඳහා ගොවිජන රක්ෂණ මණ්ඩලය හා සම්බන්ධ වී ආධාර හා සහන ලබාදිම.
7. ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවට ඉදිරිපත් කර විසඳා ගැනීමට නොහැකිවූ ප්‍රාදේශීය මට්ටමේ පවතින කෘෂිකාර්මික ගැටලු හඳුනා ගෙන දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට ඉදිරිපත් කිරීම.
කෘෂිකර්මාන්තය පිළිබඳ යම්කිසි ගැටළුවක් වේ නම් අප ඔබට සහයවන්නට සුදානම්.
අශෝක කැප්පෙටියාව – 0713209014
ලක්මිණි ඒකනායක – 0710800920
සුජීවා කඩවත – 0717880258














